ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතා අතර හමුවක් ඊයේ (16දා) සිදුවූ බව ජනපති මාධ්‍ය අං‘හය සඳහන් කරයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මෙම හමුව සිදුව තිබෙන අතර පසුව ඉන්දීය ජාතික කොංග්‍රසයේ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය අතරද හමුවක් පවත්වා තිබේ.
එසේම ඉන්දීය මුදල් අමාත්‍ය ශ්‍රී අරුන් ජෙටිලි මහතා හා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී මනෝහාර් පරික්කාර් මහතාද නව දිල්ලි නුවරදී ජනපතිවරයා හමුවිය. ඉන්දීය ජාතික කෞතුකාගාරය නැරඹීමටද ජනපති ඊයේ එක්වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.