ගැටලු ඇත්නම් ඒවා විසඳන තුරු අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්නැයි ජනපති සියලු විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම්වලින් අ ද(16 දා) ඉල්ලා සිටියේය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයන් හමුවූ අවස්ථාවේ ජනපතිපතිවරයා මේ බව පවසා සිටියේය.
ශිෂ්‍ය සංගම්‚ පීඨාධිපතිවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලන අධිකාරිය ඇතුලු සියලු පාර්ශ්වයන්ගෙන් අදහස් විමසීමෙන් මේ ගැටලුව විසඳන බව ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් වත්මන් රජය මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කළහ.