ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (27දා) නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිවරයා ඉන්දීය ජනපති ප්රනාබ් මුකර්ජි මහතාද හමුවනු ඇති අතර, එහිදී දෙරටට බලපාන ප්‍රධාන කරුණු රැසක් පිළිබඳ අවධානය යොමුකරන බව වාර්තා වේ.
බලය බෙදීම, උතුරු පළාතේ වත්මන් තත්ත්වය ඒ අතර ප්‍රධාන වේ. මීට අමතරව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාද ඉදිරියේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතය.