(UPDATE) දෙදින නිල සංචාරයක් සඳහා අද (20දා) දිවයිනට පැමිණි පෘතුගාල අග්රාමාත්ය Pedro Passos Coelho මහතා හා ජනපති ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අරලියගහ මැදුරේදී පැවැත්වීය.
මෙහිදී ජනපතිවරයා පෘතුගාල අගමැතිවරයාට පැවසුවේ යුද්ධය නිසා ඇතිවූ තුවාල මැකීයාම සඳහා කලක්ගත වනු ඇති බවයි. එසේම දකුණේ මෙන්ම උතුරේද තරුණ පිරිස් යුද්ධය නිසා ජීවිතක්ෂයට පත්වූ බව ජනපතිවරයා පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ පෘතුගාල අගමැතිවරයා ශ්රී ලංකාව සමග ආර්ථික සබඳතා මෙන්ම දේශපාලන හා සංස්කෘතික සබඳතාද ගැඹුරින් පවත්වාගත යුතු බව පැවැසීය.
පෘතුගාල අග්රාමාත්යවරා හෙට දිවයිනෙන් පිටත්වීමට නියමිතය.