කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර අද (23දා) පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී අද (23දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව පවසා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් කැබිනට් සංශෝධනයක් පසුගියදා සිදුකෙරුණු නිසා නැවත කැබිනට් සංශෝධනයක අවශ්‍යතාව පිළිබඳ යම් යම් අදහස් පළවෙමින් පවත්නා බවත්, ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය ගන්නා තීරණය සම්බන්ධව අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු දැනුම් දෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.