අාපදා තත්ත්වෙයන් අාඩාල වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජනතාවගේ ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් වැඩසටහන්හි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයක නිරතවිය. ඒ පිළිබඳව සාකච්ඡාවක්ද ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
හම්බන්තොට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දිස්ත්‍රික්කය වෙයි. හානි වූ නිවාස නැවත ඉදිකිරීම, විනාශ වූ පාසල් ඇතුළු යටිතල පහසුකම් නැවත යථා තත්ත්වයට පත්කිරීම, හානියට පත් වගා බිම් නැවත යථා තත්ත්වයට පත්කිරීම ආදී කටයුතු පිළිබඳව ජනපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.
ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පිළිබඳව ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ එකඟතාවයෙන් යුතු විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා කර තිබේ.
මෙම අවස්ථාව සඳහා සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර, දිලිප් වෙදආරච්චි යන අමාත්‍යවරුන් මෙන්ම දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල්ද සිල්වා මහතා එක්වුවත් රාජපක්ෂ පවුලට සම්බන්ධ කිසිවෙකුත් එක් නොවුණි.