ජනාධිපත් මෛත්රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරා ඝාතනය කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (15දා) සිදුකළ සෝදිසියක දී මෙම ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන තිබේ. බන්ධනාගාර නිලධාරීන් මේ පිළිබඳව දිසා විනිසුරුවරයාට දැනුම් දී ඇති අතර, බන්ධ මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඔහුට දඬුවම් ලබාදීමට නියමිත බව බන්ධනාගාර නිලධාරීහු පවසති.
තවද මෙම සැකකරුට ජංගම දුරකථනය ලැබුණේ කෙසේද සහ ඒ මගින් ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳව පරීක්ෂණ පවත්වන බවද නිලධාරීහු සඳහන් කළහ.