ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජෙනරාල් තනතුරට පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී වෘත්තීය සමිති නායකයෙකු ලෙස සැළකෙන ලෙස්ලි දේවේන්ද්‍ර මහතාට මෙම තනතුර පිරිනැමෙන්නේ ඔහුගේ වෘත්තිය සමිති ජීවිතයට වසර 52 ක් සපිරෙන අවස්ථාවේදීය.