ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරීමණ්ඩල රැස්වීමක් ඊයේ(17දා) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති අතර, අග්‍රාමාත්‍යවරයා එහිදී මැති ඇමතිවරුන්ට මේබව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් තමන්ව දැඩිලෙස විචේනය කරන බව පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා(16දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී දැඩි දෝෂාරෝපණයක් එල්ල කර තිබිණි.
ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් සඳහන් කර තිබූ අතර, ඔවුන් දැඩිලෙස විචේනය කරන බවද පවසා තිබිණි.
ඊයේ(17දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට මෙම නම් සඳහන් කළ මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත. ඔවුන් සියලු දෙනාටම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ 2020 වනතුරු ආණ්ඩුව පවතින බවත්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පත්කර ගත් ජනාධිපතිවරයා විචේනය නොකරන ලෙසත්ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩිලෙස විචේනය කිරීම පිළිබඳ මෙහිදී මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා ඇති අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳ ජනාධිපතිවරයා අවධානය යොමු කරනු ඇති බවයි.
මේසම්බන්ධයෙන් ඊයේ(17දා) පැවැති කැබිනට් මාධ්‍යහමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් විමසා සිටි අතර, අමාත්‍යවරයා පවසා සිටියේ, 'සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කිසිම හදිසි රැස්වීමක් පැවැත්වුණේ නැහැ. දින කිහිපයකට කලින් දැනුම්දී තිබුණු ආකාරයට මෙම හමුව පැවැත්වුණා. පළාත් පාලන මැතිවරණයේ සංවිධානය පිළිබඳවයි මෙහිදී කතාකළේ' යනුවෙනි.
චාමර සම්පත්/නිදර්ශනී වික්‍රමසිංහ