2015 වසරේ සිට මේ දක්වා වත්මන් රජයේ ගමන්මග පිළිබඳව ‘ගෝලීය කටයුතු තුළ ශ්‍රී ලංකාව’ මැයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි අද(13දා) සවස විශේෂ විද්වත් කතිකාවතක් පැවැත්විණි.ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා ඉදිරිපිටදී සභාවේ සිටි පිරිස් නැගූ ප්‍රශ්නවලට ආචාර්ය දයාන් ජයතිලක,ආචාර්ය ජයදේව උයන්ගොඩ,නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් ලබාදුන් පිළිතුරු පහතින් දැක්වේ.
ප්‍ර-නිල විපක්ෂය ලෙස ජනතාව පිළිගත යුත්තේ කුමන කණ්ඩායමද?
පි-ආචාර්ය ජයදේව උයන්ගොඩ මහතා:-දැනට පාර්ලිමේන්තුවේ සිටින විරුද්ධ පක්ෂය විසින් විරුද්ධ පක්ෂයක් කළ යුතු කාර්යභාරය ඉතා හොඳින් කරනවා.විරුද්ධ පක්ෂයේ කාර්යභාරය ගැන මගේනම් විරුද්ධත්වයක් නැහැ.ඕනෑම පක්ෂයක් බලයේ ඉන්නවාට වඩා විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ප්රජාතන්ත්රවාදියි.සෑම පක්ෂයක්ම බලයේ ඉන්නකොට අධීකාරිවාදියි.
ආචාර්ය දයාන් ජයතිලක මහතා :- දැනට තිබෙන විපක්ෂයේ ස්වභාවය නිසා සංහිඳියා කාර්යභාරය සම්බන්ධයෙන් වුවත් ගැටලුසහගත බවක් ඇතිවෙනවා.මහජන මතය සැබැවින්ම නියෝජනය වුණා කියලා මම දකින්නේ 2015 ජනවාරි සහ අගෝස්තුවල මැතිවරණ දෙකෙන් පමණයි.අගෝස්තුවේ 106යි 95යි ප්‍රතිඵලයෙන් දුර්වල ආණ්ඩුවක් සහ ශක්තිමත් විපක්ෂයක් බිහිවුණා.ඒක තමයි සැබෑ ජනමතය.ආණ්ඩුව සමග එකතුනොවුණු 95න් ඉතිරිය නිල විපක්ෂයට වඩා කීපගුණයකින් විශාලයි. ඒක අපට පැහැදිලිව පෙනෙන සත්‍යයක්.ඒ සත්‍යතාවයේ යම්කිසි විකෘතියක් හෝ කෘත්රිමභාවයක් අදවනවිට තිබෙනවා.ටී.එන්.ඒ. සංවිධානය නියෝජනය කරන ආසන 16ට වඩා තුන්ගුණයක් විතර විශාල ඒකාබද්ධ විපක්ෂයක් තිබෙනවා.ඒ නිසා සැබැවින්ම විපක්ෂය විදියට මම සලකන්නේ ඒකාබද්ධ විපක්ෂයයි.
ප්‍ර- ලංකාවේ අධිකරණ පද්ධතිය,පොලිසිය,නීතිපති දෙපාර්තුමේන්තුව ජාත්‍යන්තර පරීක්ෂණයක කාර්යභාරය කිරීමට සමත්ද?
පි-ආචාර්ය දයාන් ජයතිලක මහතා :-ලෝක ඉතිහාසයේ යුද්ධ සිද්ධ වෙලා තිබෙන්නේ ලංකාවේ විතරක් නෙමේ.ඒ නිසා අපි ගෝලීය අත්දැකීම් සැලකිල්ලට ගන්න ඕන. ව්‍යවස්ථානුකුල යුද්ධ හමුදා, ත්‍රස්තවාදි හමුදාවලට විරුද්ධව යුද්ධයක් කරලා, ප්රජාත්න්ත්රවාදී රාමුවක් තුළ තමුන්ගේ රටේ දේශසීමාව තුළ ත්‍රස්තවාදය අවසන් කරලා, ප්රජාත්න්ත්රවාදය ස්ථපිත කරලා දුන්නාම විශේෂ උසාවි, විශේෂ නීතිඥවරු, විශේෂ නීති ගෙනල්ලා දඬුවම් කරන්න ගිය තැනක් කිසිම රටක නැහැ. එසේ වී ඇත්තේ ඒ අය පිරිසුදු වෙලා, අපි අපිරිසුදු වෙලා නෙමෙයි. ඒක සදාචාර විරෝධීයි.ඊළඟට එය රටරටවල ප්රජාතන්ත්රවාදය අභියෝගයට පාත්රවන, කැළඹිලි ඇතිවිය හැකි කාරණයක්.ඒක නිසයි එවැන්නක් කොහේවත් කරලා නැත්තෙ.කොහොවත් කරලා නැති ඔපරේෂන් එකක් අපේ අම්ම කෙනෙකුට, තාත්ත කෙනෙකුට, දරුවෙකුට අපි කරන්න දෙන්නෙ නැහැ.ඒවගේම මේ ඔපරේෂන් ඔක කොහේවත් කරලා නැත්තෙ ඇයිද කියලයි අපි අහන්න ඕන.ඇයි අපි ඉස්සෙල්ලා බෙල්ල තියන්නෙ කොහොවත් නොකරපු දෙයක් කරන්න.ඒ සම්බන්ධයෙන් කරන්න ඕනඅනිත් රටවල් කටයුතු කරපු ආකාරය දිහා බැලීමයි. මෙතනදියුක්තිය කියලා උසාවියකට ගෙනැවිත් දඬුවම් කරන්න හදනවා.වින්දිතයො කියන්නේ කොයි වින්දිතයොද?විශේෂ උසාවි නොපිළිගන්න වින්දිතයෝ හුඟක් ඉඳීවි.අවුරුදු 30ක් තිස්සේ හමුදාවේ සේවය කරපු ඔක්කොම හමුදාවේ අයගේ පවුල්වල සාමාජිකයන් ගත්තාම මිලියනයක් විතර ඇති.ඒ වින්දිතයන්ගේ මතය සැලකිල්ලට ගන්න ඕන.විශේෂ උසාවි පිහිටුවලා ඔවුනුත් කැමතිවෙනවද නැද්ද කියලා බලන්න ඕන.
ඔස්ටින් ප්‍රනාන්දු මහතා:-අපි ජිනීවා ගිහින් පොරොන්දු වුනා සත්‍ය ගවේෂණය,යුක්ති ගවේෂණය,හානිපූරණය කියන ක්‍රමවේද ගැන. වින්දිතයන් ඇතුළු ජනතාව සමග කතාකාරලා එකඟතාවකට ඇවිත් මේවා කරන්න තිබුණා.ඒ ආසන්නයේ වැඩකරන පිරිස් වශයෙන් එහි සත්යතත්ත්වය අපි දන්නවා.දැනට නිගමනයට ඇවිත් තියෙන්නේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් පවත්වාගෙන ක්‍රියාත්මක කරන්න විතරයි.ඒකත් තාම පාර්ලිමේන්තුවේ සම්මතවෙලා නැහැ.ඒක 27 වැනිදා ගැසට් කළා විතරයි.ගැසට් එකේ තිබෙන කරුණු ගැනත් අපට යම්යම් ප්‍රශ්න ඇතිවුණා.ඒ සඳහා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා දැනුම්වත් කරලා යම් යම් පියවරයන් අරන් තිබෙනවා.මේක පාර්ලිමේන්තුවේ සම්මතවෙන්න තව මාසයක් දෙකක් විතර යාවි.ඒ අතරතුර මේගැන සංවාද කරන්න අවස්ථාව තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසම අපට වඩා වෙනස්.ඒ විදියේ ප්‍රතිඵලයක් අපි බලාපොරොත්තු වෙන්න හොඳ නෑ.ඒක හරියට උණ හැදුණු මිනිහාට බඩේ අමාරුවට බෙහෙත් දුන්නා වගේ වැඩක්.සත්‍ය කොමිසමක් හැදීම ගැන දැනුත් සාකච්ඡා කරගෙන යනවා. තාම ඒ ගැන මූලික හැඳින්වීමක් මිසක් වෙනත් දෙයක් නැහැ.අධිකරණය ගැන, විකල්ප ක්‍රමවේදයන් ගැන අපි දැන් හිතලා තිබෙනවා.හැබැයි තාම මූලික අවස්ථාවේ ඉන්නේ.මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අපට කිව්වා විදේශීය මැදිහත් වීම ගැන යම් ස්ථාවරයක් රටට ප්‍රකාශ කරන්න කියලා.අපි ඒ ගැන ප්‍රතිපත්තියක් වශයෙන් යන්න වෙනස්කම් සිදුකරගෙන යනවා.
ඡායාරූප - ඉසුරු පෙරේරා