මඩකලපුව අධිකරණයේ පෞද්ගලික නීතිඥයෙකු ලෙස කටයුතු කළ රාමනාදන් කන්නන් මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස් මහතා අද (16දා) පැවසීය.
නීතිඥ සංගමයේ උපදෙස් මත මෙම පත්කිරීම සිදුකළ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහාධිකරණ විනිසුරුවරයෙකු පත්කිරීමේදී නීතිපතිවරයාගේ උපදෙස් මිසක නීතිඥ සංගමයේ උපදෙස් ලබාගැනීමක් සිදුනොවන බවත් පැවසූ පීරිස් මහතා යම් දේශපාලන පක්ෂයක උවමනාව මත කන්නන් මහතාගේ පත්කිරීම සිදුකර ඇති බවත් කියා සිටියේය.
දේශපාලන පක්ෂයක් සහ නීතීඥ සංගමය මැදිහත්වී මෙතෙක් මෙවැනි පත්කිරීමක් සිදුකර නැති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.