ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සූදානම් කරන ඕනෑම විවාදයකට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්රීවරු සඳහන් කරති.
ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්රීවරුන් වන ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර හා ඉන්දික අනුරුද්ධ යන මන්ත්රීවරුන් අද (31දා) කොළඹදී පැවැති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.
එමෙන්ම අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් මුදල් ලබාගත් 118 දෙනා සඟවා සිටින්නේ ඇයිදැයි කියන කරුණ ගැනත් සංවාද කරන්න ලෑස්තියි.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් 54 දෙනා අර්ජුන් ඇලෝෂියස් මහතාගෙන් රුපියල් 10ක් වලත් ලබාගෙන නොමැති බවත් ඔවුහු පැවැසූහ.