පළාත් පාලන මැතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ නායක තනතුර අමතක කර පක්ෂ නායක භූමිකාවක් පමණක් රඟදක්වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
එම අමාත්‍යාංශයේදී අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
පළාත් පාලන මැතිවරණයෙන් රටේ තෙවැනි හෝ සිවුවැනි ස්ථානය ලබාගන්නා පක්ෂයක නායකයා ලෙස නොව රටේද නායකයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇති බවද හෙතෙම පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනා එකපෙළට සිටගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවට පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේ, එසේ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළහොත් ආණ්ඩු පක්ෂ රැස්වීම පැවැත්වීමට සිදුවන්නේ අවිචී මහා නරකාදියේ බවත්, එහි මුලසුන දැරීමට සිදුවන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත්ය.