ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද ( 04දා) පෙරවරුවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයකට එක්විය. එහිදී හමුදා සාමාජිකයින්ගේ සුව දුක් විමසමින් සුහද හමුවකටද ජනපතිවරයා එක් විය.
ඉන් අනතුරුව පලාලි ගුවන් හමුදා කඳවුරේද ජනපතිවරයා සංචාරය කර අතර එහිදි හමුදා සාමාජිකයන්ගේ ගැටලු හා ප්රශ්න පිළිබඳවද ජනපතිවරයා අවධානය යොමු කළේය.