වකුගඩු රෝගීන්ට රුපියල් තුන්දහසක ආධාර මුදල් ලබාදෙන බවට ආණ්ඩුව දුන් පොරොන්දු අනුව එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26දා) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්විණි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්ට එම ආධාර මුදල් ප්රදානය කිරීම සංකේතාත්මකව මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
සමාජ සේවා හා සුභසාධන අමාත්‍ය පී. හැරිසන් මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.