සිය තෙදින නිල සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළින් මැලේසියාවට අද (15දා) ළගා වූයේය. හමුදා උත්තමාචාර මධ්‍යයේ ජනපතිවරයා රතු පළස මතින් පිළිගැනීමට මැලේසියානු රජය කටයුතු කර තිබුණි.
එරට මානව සම්පත් අමාත්‍ය ඩී. එස්. රිචඩ් රියොට් මහතා විසින් ගුවන් තොටුපොළේදි ජනපතිවරයා පිළිගනු ලැබීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු මැලේසියානු නිල සංචාරය වන්නේද මෙයයි.