ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන වසරේදී මිය යන බවට ජ්යෝතිෂ්යවරයෙකු පවසා ඇති අණාවැකි හේතුවෙන් ජනපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් ඇතිව තිබෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අද (20දා) ප්‍රකාශ කළ ලේකම්වරයා තවදුරටත් පැවැසුවේ ජනතාව නොමග යැවීම සඳහා මෙවැනි ප්‍රකාශ කරන බවත් ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
විවිධ පුද්ගලයින් විසින් පතුරුවාහරින මෙවැනි ප්‍රකාශ පිළිබඳව ජනතාව අවධානය යොමු නොකළ යුතු බවද ඔහු පැවැසීය.
රජයේ ප්රවෘත්ති ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඇසුරෙනි.