සිය තෙදින මැලේසියා සංචාරය ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් ආරම්භ කරනු ලැබීය. ඒ අනුව ඔහු අද උදෑසන 7.50ට පමණ ශ්රි ලංකන් ගුවන් යානයකින් මැලේසියාව බලා පිටත්ව ගියේය.
ඔහුත් සමග 15 දෙනෙකුගෙන් පමණ දූත පිරිසක් මෙම සංචාරයට එක්වූහ. ජනපතිවරයා රැගත් ගුවන් යානය මැලේසියා වේලාවෙන් ප.ව. 2.00ට පමණ ක්වාලලම්පූර් ගුවන්තොටපුපොළ වෙත ළගාවීමට නියමිතය.