රුසියානු ජනපති ව්ලැද්මිර් පුටිං මහතාගේ විශේෂ ආරාධනාවක් අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන වසරේ මාර්තු මාසයේදී රුසියාවේ සංචාරයකට එක්විමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට අද (30දා) හෙළි කළේය.
එසේම ජනපතිවරයා දෙසැම්බර් මාසයේදි මැලේසියා සංචාරයකට එක්වෙන බවත්, ජනවාරි මාසයේදී ඉරාන, එක්සත් අරාබි එමීර් හා කටාර් රාජ්‍යයන්හි නිල විදේශ සංචාර සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.