ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාළිකා සහ ගුවන් විදුලි නාළිකා තම ගුවන් කාලයෙන් 80% ක් පමණ ආණ්ඩුව විවේචනය කිරීමට වෙන් කර ඇති බවත්, රටේ සංවර්ධන කටයුතු සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැය කරන්නේ 20% ක් පමණක් බවත් වාර්තා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද (07දා) නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේබව කීය.
එමෙන්ම විද්‍යුත් මාධ්‍ය ආයතන මගින් තමන්ට ලබාදී ඇති සංඛ්‍යාත පරාසයන් අබිබවා යමින් නීති විරෝධී ලෙස කටයුතු කිරීම පිළිබඳව සොයාබැලීමට නවීන තාක්ෂණය උපයෝගි කරගැනීමේ හැකියාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.