ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වෙන 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සඳහා එක්වී තිබෙන ක්‍රීඩකයන්ට ජනපතිවරයා සුබ පැතුම් එක්කර තිබේ.
ජනපතිවරයා සඳහන් කරන්නේ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා කරන කණ්ඩායම තෝරා ගත්තේ දැඩි තරගකාරිත්වයකින් බවත්, එවැනි තරගාවලියකදී ශ්‍රී ලංකාව නියෝජය කිරීමට ලැබීම ගෞරවයට කරුණක් බවත්ය.
එසේම ශ්‍රී ලංකාව තුළ එකමුතු කිරීමේ කාර්යය ඉටුකිරීමට ක්‍රීඩාව විශේෂ කාර්යක් ඉටුකර තිබෙන බවත්, පශ්චාත් යුද සමයෙන් පසුවද ක්‍රීඩකයන් හා ප්‍රේක්ෂකයන් ක්‍රීඩාව හරහා එක්කර තිබෙන බවත් ජනපතිවරයා පවසයි.