තායිලන්ත - ශ්‍රී ලංකා රාජ්‍ය ත්‍රාත්ත්‍රික සබඳතා වසර 60ක් පිරිම නිමෙත්තෙනුත්, දෙරට අතර සබඳතා ශක්තිමත් කිරිම අරමුණු කර ගනිමිනුත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (01දා) පෙරවරු 11.00ට පමණ තායිලන්තයට ළගාවීමට නියමිතය.
ජනපතිවරයාගේ පළමු නිල තායිලන්ත සංචාරයද මෙය වන අතර ඔහු පිළිගැනීම සඳහා තායිලන්ත රජය මේ වන විට සිය කටයුතු සම්පාදනය කරමින් සිටියි.
විදේශ අමාත්‍ය මංගල සමරවිම මහතා ඇතුළු පිරිසක් මේ වන විට තායිලන්තයට ගොස් තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ මහියංගනයේ තැන්පත්කොට ඇති සර්වඥධාතූන් වහන්සේද තායිලන්තයට වැඩමවීම ජනපතිවරයාගේ තායිලන්ත සංචාරයට සමගාමිව සිදුවන අතර එම ධාතූතන් වහන්සේ වන්දනාමාන කිරිම සඳහා තායිලන්ත ජනතාවට අවශ්‍ය කටයුතුද මේ වන විට තායිලන්ත රජය සූදානම් කරමින් සිටියි.
තායිලන්ත රජය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා ජනපති ලේකම් කාර්යාලය මෙම කටයුතු සම්බන්ධීකරණය කරයි.
දුමින්ද සංජිව බාලසූරිය තායිලන්තයේ සිට