සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුව දුක් විමසීම සඳහා පෞද්ගලිකව සංචාරයක් ලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස ඊයේ (27දා) නැවතත් දිවයිනට පැමිණියේය.
ඔහු ඊයේ පෙරවරුවේදී සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. රාජිත සේනාරත්න මහතාගේ සුව දුක් විමසීමෙන් අනතුරුව ජනපතිවරයා සිංගපූරුවේ මාර්ග කිහිපයක සංචාරය කළේය.