පාකිස්තාන ජනාධිපති මම්හුන් හුසේන් මහතාගේ ආරාධනයක් පරිදි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (05දා) පස්වරුවේ ඉස්ලාමාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබේ.
පාකිස්තාන රජය වෙනුවෙන් එරට විශේෂ දූත පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ආචාර වෙඩි මුර 21ක් පවත්වා මහත් හරසරින් පිළිගෙන තිබේ.
පාකිස්තාන රජය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමේ නිල උත්සවය හෙට පෙරවරුවේ පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.