පාකිස්තාන ජනපතිගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනාවකට අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාකාස්තාන සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 183 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනපතිවරයා පිටත්ව ගිය අතර පාකිස්තානයේදී ඔහු එරට අගැමැති හා ජනපතිට අමතරව ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.