1990 ජූනි මස 20 වනදා සිට වසා දමා තිබෙන කන්කසන්තුරේ සිට පේදුරුතුඩුව දක්වා වූ ඒ-බී 21 මාර්ගය ජනතාව වෙනුවෙන් විවෘත කරන බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
අද (05) යාපනයේ පැවති ජන හමුවක් අමතමින් මේ බව පැවැසූ ජනපතිවරයා මාර්ගය විවෘතවීමත් සමග ජනතාව ගමන්කළයුතු දුර කි.මි 50 කින් පමණ අඩුවනු ඇති බවද පැවැසීය.
යාපනය අවතැන්වූවන් වෙනුවෙන් ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සියයට 75 කින් පමණ අවසන් කර ඇති බවත් ඉතිරි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු ද කඩිනමින් නිමකරන බවත් ඔහු පැවැසීය.