මැදපෙරදිග නිල රාජ්ය සංචාරයක නිරත වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (10දා) උදෑසන දිවයිනට පැමිණියේය. මෙම නිල රාජ්ය චාරිකාවේදී ජනාධිපතිවරයා ජෝර්දානය, පලස්තීනය හා ඊශ්රායලය යන රටවල සංචාරය කළ අතර, එරට ජනාධිපතිවරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
මෙම සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පලස්තීන රජය වෙනුවෙන් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා විසින් එරට ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව (Star of Palestine) සම්මානය පිරිනැමුණි.