ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිධුරය දැරිය හැකි වසර ගණන පිළිබඳව ශේෂ්ඨාධිකරණයෙන් විමසීම හේතුවෙන් එම ධුරය හෑල්ලූ වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (15දා) පැවසීය.
ඊළඟ ජනාධිපතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයාගේ අදහසක් තිබුණු බවද සභාපතිවරයා එහිදී පැවසූවේය.
මාළඹේ පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මහජන රැලියට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
තමාගේ තනතුරු අහෝසි කරනවා යැයි කියූ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබුණේ තවත් වසරක් එම තනතුර බුක්ති විඳීමට බවද පීරිස් මහතා ප්‍රකාශ කළේය.