ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය ගාල්ලේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළියට එක්වීමත් සමග ඇය දේශපාලනයට පිවිසීමට සූදානම් වනවාදැයි යන්න පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකෙුගේ අවධානයට ලක්ව තිබේ.
චතුරිකා සිරිසේන මහත්මිය මේ වන විට බොහෝ සමාජ සත්කාර සඳහා සිය දායකත්වය ලබාදෙමින් සිටින ඒ අනුවද බොහෝ දෙනෙකු සිතන්නේ අය දේශපාලනට පැමිණෙනු ඇති බවයි. කෙසේ වෙතත් මේ දක්වාම ඇය දේශපාලනයට පිවිසෙන බවට ප්රකාශක් කර නොමැතිය.
හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා බලයේ සිටින විට ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කළ අතර ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව එයින් ජය ලබා පාර්ලිමේන්තුවට පිවිසියේය.
චතුරිකා සිරිසේන මහත්මිය ගාලු සන්ධාන මැයි රැළියේදී (ඡායාරූප උපුටා ගැනීම චතුරිකා සිරිසේන මහත්මියගේ ෆේ්ස්බුක් ගිණුමෙනි)