පුද්ගලයන් 475ක් සමග ඊයේ (16දා) දියබත් වූ දකුණු කොරියානු මගී ප්රවාහන යාත්රා සිද්ධිය සම්බන්ධයෙන් ජනපති මහින්ද රාජපකෂ මහතා දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන්-හයිට ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.
මෙම සිදුවීමෙන් යාත්රාවේ ගමන් ගත් 300කට ආසන්න පිරිසක් අතුරුදහන්ව සිටිති.
ජනපතිවරයා සිය ශෝක පණිවුඩයෙන් සඳහන් කරන්නේ, මේ අවස්ථාවේදී ශ්රී ලංකා ජනතාවගේ මෙන්ම, ශ්රී ලංකා රජයේ හෘදයාංගම හා බලවත් ශෝකය දකුණු කොරියාව වෙත දන්වා සිටින බවයි.
එසේම මෙම සංවේගජනක අවස්ථාව මැඬපැවත්වීමට දකුණු කොරියානු ජාතිකයන්ට හැකි වනු ඇතැයිද ජනපතිවරයා සඳහන් කරයි.