68 වැනි නිදහස් සැමරුමේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය ඇමතීම අාරම්භ කරනු ලැබීය.
ජනපතිගේ කතාව කෙටියෙන්
ජාතික නිදහස් සැමරුමේ 68 වැනි අවස්ථාව මෙයයි.1948ත් 2016ත් ගත් විට ආර්ථික, දේශපාලන, සංස්කෘතිකවශයෙන් අපේ රට වගෛ්ම ලෝකය පුළුල් වෙනස්කම් වලට භාජනය වී තිබෙනවා.
1948 ලබාගත් නිදහස නිර්චනය කළහොත් 68 වසරකට පසුව අපේ ජනතාව බලාපොරොත්තුවන නිදහසත් අතර පුළුල් වෙනසක් තියෙනවා.
50 දශකයේ උපන් දරුවෙක් මා හදුන්වන්නේ සංස්කෘතික දරුවෙක් ලෙසයි. අද උපදින දරුවන් අප දකින්නේ තාක්ෂණික දරුවන් ලෙසයි.
සංස්කෘතික දරුවන් තාක්ෂණික දරුවන් එක්කරමින් ජාතිය ගොඩනැගීමේ කාර්යය පුළුල් මනසකින් සාමූහික ප්‍රයත්නයකින් කළ යුතුයි.
එදා සටන් කළ ජාතික වීරයින් ගැන කතා කරන විට සිංහල, දමිළ මුස්ලිම් නායකයින් එකමුතුව රටට නිදහස ලබාගැනිම සඳහා සටන් කර නිදහස ලබාගත්තා.
1505 සිට 1948 දක්වා කාල සීමාව අප විදේශීය අක්රමණිකයන්ට යටත් වී සිටියදී අපේ බොහෝ දේ විනාශ වුණා.
අපේ සංස්කෘතික සෝදාපාළුවන්, ආර්ථිකය, වැව් අමුණු හා සශ්‍රීකත්වයෙන් පිරී තිබුණු අපේ ශ්‍රී ලංකාව බොහෝ සේ විනාශ වුණා.
1505ට සිට සටන් කළ වීරයින් ජීවිත පරිත්‍යාග කළ අවුරුදු 400 ගණනයට පසුව අපි 1948 නිදහස් වුණා.
යටත් විජිත වාදයෙන් නිදහස් වුණත් මේ රටේ හැදූ ප්‍රශ්න බාරදී තමයි ඔවුන් ගියේ.
ඒ වීරයින් ගෙන ගිය සටනේදි සියල්ල එක්ව කළ සටනින් ලැබූ ජයග්රහණයෙන් පසුව අපට බාර දුන් ප්‍රශ්න විසදුවාද කියා හෘද සාක්ෂියෙන් විමසිය යුතුයි.
බලයට පත් වූ ආණ්ඩු ආර්ථිකය, භෞතික සම්පත් ගොඩනැගුවා. එහෙත් ජාතිය අතර සමගිය ඇති කළානම් මිලේච්ඡ ත්රස්තවාදයට අපට මුහුණ නොදිය තිබුණා.
භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම ජනතාවගේ අනන්‍යතාව පාලකයන් විසින් තේරුම්ගත යුතු වෙනවා.
අධි තාක්ෂණික යුගයේ අන්තර්ජලාය සමග සිටින පොදු මහත් ජනතාව පාලකයන්ට වඩා ඉදිරියේ සිටිනවා.
අධිතාක්ෂණික ලෝකයේ ජීවත් වන ජනතාව නව සිතුම් පැතුම් සමග ගමන් කරද්දී සියලු අංශවල පරිවර්තයන් ඇති වෙනවා.
ප්‍රධාන වශයෙන් අප විසින් තේරුම් ගත යුතු බොහෝ දේ තිබෙනවා. සාමූහිකත්වයෙන් රාජ්‍ය පාලනය ගෙන යාම අත්යාවශ්යවෙනවා.
නව මානයකින් අප විසින් නිදහස දෙස බැලීම අත්‍යාවශ්‍ය වෙනවා. නිදහස කියන වචනය විග්රහ කිරීමට අපහසු සංකීර්ණම වචනයයි. නිදහස කියන වචනය පුළුල් අර්ථකතන රශියක් දෙනවා.
අපි අද ජීවත්වෙන්නේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වූ යුගයකයි. අපි අද සිටින්නේ රජවරුන් පාලනය කරන යුගයක නෙමෙයි.
නිදහස හා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන කාර්යය රජය විසින් සිදුකරනවා වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ආරක්ෂක ඒ සඳහා අංශ බැදී සිටිනවා.
යුද්ධයේදී ආබාධ වූ මෙන්ම ඒ කාර්ය නිසි ලෙස ඉටුකරන්නාවූ ආරක්ෂ අංශයන්ට මුළු මහත් ජනතාවගේ ප්‍රණාමය පුදවිය යුතුයි.
සෑම දෙනෙක්ම කළා වූ කැපවීම මිලේච්ඡ ත්‍රස්තවාදය තුරුන් කිරීමේදී මතක් කළ යුතුයි.
දේශපාලන, සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අපි ප්‍රමුඛත්වය ලබාදී තියෙනවා.
ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසුව පශ්චාද් යුගයේදී මෙන්ම 2009 මැයි 19/20 දිනයන්වලදීත් ඉන්පසුව කළ යුතුව තිබූ කාර්යයන් අප විසින් ඉටු නොකිරීම හේතුවෙන් එජා මානව හිමිකම් කොමිසන් සභාවෙන් යෝජනා මාලාවක් ක්‍රියාත්මක වුණා. යුද සමයෙන් පසුව කළ යුතු දේ අප කර තිබුණානම් අපට ඉදිරිපත් වූ යෝජනා එවැනි ආකාරයෙන් ඉදිරිපත් වීමට නොහැකිව තිබුණා.
ජාතීන් අතර සමගිය සඳහා අපට කළ නොහැකි කාර්යයන් කිරීමට 2015 ජනවාරි 8 වැනිදා අපට මේ ප්‍රශ්න විසදීමට ජනතාව බලයක් දුන්නා.
මැතිවරණ ප්‍රකාශයේ තිබූ කරුණු ක්‍රියාත්මක කරනවා වගේම 1948 නිදහසෙන් පසුව අපට බාර දී තිබූ ප්‍රශ්න විසදීමට තිබෙන බව අප බරපතල වශයෙන් සිතිය යුතු වෙනවා.
මේ ප්‍රශ්න අප විසින් විසදීම අත්‍යාවශ්‍යයි. අපට පසුව නිදහස ලබාගත් රටල් සිය රටතුළ ජාතීන්ගේ සමගිය, සංහිදියාව තුළ පුළුවල් සංහිදියාවක් කරමින් දේශපාලන හා ආර්තික ප්‍රතිස්ංසකරණය කරමින් ඉදරියට ගොස් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ යෝජනා සඳහා අප මුහුණ දෙන්නේ රටේ, ජනතාවගේ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය සඳහායි. එහිදී ඉතාමත්ම ඉවසීමෙන් සංයමෙන් අප ක්‍රියා කරනවා.
ඇතැම් දේශපාලන ප්‍රතිවාදීන්, බලය පිළිබඳ ක්ෂණික අදහස් ඇති අය මේ යෝජනා කියාත්මක කිරීමේදි ජනතාවට වැරදි අර්ථ කතන දෙනවා.
ආරක්ෂක අංශ සමාජිකයන්කේ සිත් නොසන්නසුන් කරන ආකාරයේ අදහස් නොයෙක් අන්තවාදීන් ප්‍රකාශ කරනවා.
ජාතියට ප්‍රතිඥා දෙනවා මේ සියල්ල ඉටුකිරිමේදී රටේ ස්වාධීන්තවය ආරක්ෂා කරමින්, භෞමික අඛණ්ඩාතාවය ආරක්ෂා කරමින් පොදු බවින් මුහුණ දෙනවා.
අපි අභිමානවත් ජාතියක් ලෙස ලෝක සිතියමේ සටහන් වීමට අප සෑම කෙනෙක්ම ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා සියලු දෙනාගේම කැපවීම අත්‍යාවශ්‍යයි.
පසුගිය වසරේදී අප ලබාගත් ජයග්‍රහණ පිළිබඳ කතාළොත් 19 වැනි සංශෝධන ජනතාව ලබාගත් විශාල ජයග්‍රහණයක්.
ස්වාධීන කොමින් සභා ජනතාවගේ අයිතිය සුරක්ෂිත කරන්නාවූ ආයතන.
ගෙවීගිය වසරේදී වංචාව, දූෂණය තුරන් කිරීමට අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග සාර්ථක වුණා.
නිදහස් මාධ්‍යයට පුළුල් නිදහසක් ලබාදුන්නා. එය උච්චතමට අවස්ථවාට පැමිණ තිබෙනවා. එය ලබාදුන්නේ විනයක් අනුව හැසිරිමටයි. ඒ ලබාදුන් නිදහස ආරක්ෂා කර ගැනීමේ වගකීම මාධ්‍ය ආයතන වලට හා මාධ්‍යෙව්දීන්ට තිබෙනවා.
මේ ලෝකයේ ජාත්‍යන්තර ලෙස ඉදිරියට යන්නට කර්මාන්ත ශක්තිමත් කිරීමේ ප්‍රතිපතිත්ය අපි ක්‍රියාත්මක කරනවා.
රටේ සාගර සම්මත ප්රයෙජනයට ගැනීමේදී අපේ රට දියුණු කිරීමට 1%ක් වත් අපි යොදාගෙන නෑ. අපට තිබෙන මේ සාගර සම්පත තුළින් ආර්ථිකය දියුණු කිරීමට පුළුවල් කාර්යයක් තබෙනවා.
1948 ලබාග්ත නිදහස ලබාගැනිම සඳහා කටයුතු කළ ශ්‍රේෂඨ නායකයින් මෙන්ම 26 වසරක යුද්ධය අවසන් කළ රණවිරුවන්ට ගෞරවය පුද කරමින්, බලය ලබාගැනිමේ ක්ෂණික ක්‍රියාමාර්ග වලට පැමිණිමේදී අමනෝක්ය කාර්යයන් වලින් තොරව මැතිවරණ කාලසටහනක් තුළ ක්‍රියාකරන්න කියා ප්‍රතිවාදීන්ට කියනවා.