චීනයේදී හෙට (20දා) ආරම්භවීමට නියමිත ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (19දා) සවස චීනය බලා පිටත්ව ගිය බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම සමුළුව රටවල් 23 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර, ඒ සඳහා සහභාගී වන රාජ්‍ය නායකයන් සමග ජනාධිපතිවරයා දිවිපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද මාධ්‍ය අංශ සඳහන් කරයි.