ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශීය සංචාරයන්වලදී මෙන්ම විදේශ රාජ්‍ය නායකයින් මෙරටට පැමිණි අවස්ථාවන්වලදි ඇතිකරගත් ගිවිසුම් වල ප්‍රගතිය පිළිබද සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට මේ වන විට ගෙන ඇති පියවරයන් සහ ඒවායේ ප්‍රගතිය පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.
ඉදිරියේදී තමන් විදේශිය තානාපතිවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදි අදාළ රටවල් සමග ඇතිකරගත් ගිවිසුම් සම්බන්ධයෙන් එම රටවල් ගෙන ඇති පියවරයන් සොයාබලන බවත් ජනාධිපතිතුමා පැවසීය.
එමෙන්ම පසුගිය පාලන කාලය තුළ දේශිය හා විදේශිය වශයෙන් ඇතිකරගත් ගිවිසුම් පිළිබදව සොයා බලා රටට ඵලදායී සේවයක් ලබාගත හැකි ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරිහු එක්ව සිටියහ.