ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ ක්‍රියාපිළිවෙත පිළිබඳව කලකිරීම නිසා තමන් මාතර මහා නගර සභාවේ නාගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට තීරණය කළ බව මාතර මහා නගර සභාවේ හිටපු පුරපති සොසින්ද්‍ර හඳුන්ගේ මහතා පැවසීය.
මාතරදී අද (24දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය ඒ මහතා එසේ පැවසීය. ‘‘ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතුවෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කිරීම පිළිබඳව දක්වන විරෝධතාවක් හැටියට, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව රැකගනිමින් පක්ෂයේ අනන්‍යතාව ඉදිරි ගමන සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධව තිබෙන කලකිරීම හේතුකොටගෙන මම මාතර මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කරා. ඒ වගේම කියන්න ඕන ඉදිරියේදී පත්වන දේශපාලන නායකත්වය ගනු ලබන දේශපාලන තීන්දු තීරණ බලලා තමයි තවදුරටත් දේශපාලනය කරනවද නැද්ද කියලා තීන්දු කරන්නේ.
විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයාගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ගැන දැවැන්ත කලකිරීමක් තියෙනවා. එතුමා පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් කටයුතු කරන අයෙක් නෙමෙයි. එතුමා පක්ෂය ආපස්සට ගමන් කරන වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරන බව පේන්න තියෙන්නේ. ඒ නිසා එතුමා පක්ෂ නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවදුරටත් සිටිනවාද නැද්ද කියලා කල්පනා කරමින් ඉන්නේ."