බරපතල වංචා පිළිබද ජනපති කොමිසම් සභාවේ ලේකම්වරයා තමන්ට ලැබෙන තොරතුරු විමර්ශනය කිරීමට ප්‍රථමව මාධ්‍යයට ලබාදෙන බවත්, එය නොකළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය. ඊයේ (31දා) දඹුල්ලේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“අද ජනාධිපති කොමිෂන් සභාවට අරන් ගියාම එහි ඉන්න ලේකම්වරයා සියලුම තොරතුරු මාධ්‍යයට දෙනවා. අච්චර හොරකම් කලා මෙච්චර හොරකම් කළා කියලා. පරීක්ෂණ අවසන් වෙනකොට ඊට අඩු ගණනකට තමයි ගිවිසුමකට අත්සන් කරලා තියෙන්නේ.
විශේෂයෙන් කොමිෂන් සභාවේ ලේකම්වරයා තමන්ට ලැබෙන තොරතුරු ටික පත්තරවලටයි රූපවාහියටයි දෙන එක නොවෙයි කරන්න තියෙන්නේ. පරීක්ෂණ කිරීමයි. මේකෙන් අසාධාරණයට පත්වන අයට වන්දියක් ලැබෙන්නෙ නැහැ. ඔවුන්ගේ නම් යන්නේ හොරු විදියට. අපි දන්නවා විවිධ ප්‍රශ්න ඇති වුණා කියලා.”