පසුගිය යුගයේ සිදුවූ වංචා, දූෂණ පිළිබඳ සෙවීමට පත්කළ කොමිෂන් සභා වාර්තාවල ඇතුළත් නිර්දේශ ඉදිරියට කි‍්‍රයාත්මක කරමින් දූෂිත දේශපාලනඥයින්ට දඬුවම් ලබාදීමට නම් පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතා පවසයි.
ජනතා බලය භාවිතා කරමින් සොරුන් බේරීමට උත්සාහ දරමින් සිටින බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. අද (01දා) පස්වරුවේ බිබිල, මැදගම ප්‍රාදේශීය සභා කී‍්‍රඩාංගණයේ පැවති ජනහමුවක් අමතමිනි.
ජනතා මුදල් කොල්ල කෑ සහ ජනතා දේපළ විනාශ කළ කිසිවෙකුට සමාව නොදිය යුතු බවද මහ බැංකු මංකොල්ලයට අදාළව රටට අනාවරණය වී ඇත්තේ 2015-2016 කාලසීමාවට අදාළ සොරුන් පිළිබඳ පමණක් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
එසේ වුවත් රටේ අහිංසක කම්කරු ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදල විශාල වශයෙන් විනාශයට පත්ව ඇත්තේ 2008 වසරේ සිට බව කොමිෂන් සභා වාර්තාව පෙන්වා දී තිබෙන අතර ඊට වගකිව යුතු පිරිස කවුදැයි රටේ ජනතාව හොඳින් දන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.