20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රමුඛත්වය නොදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුටු නොවන බව 'අද' ට වාර්තා වේ.
ඒ පිළිබඳව තම අදහස ජනාධිපතිවරයා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයන්ට දැනටමත් දන්වා යවා ඇති බවද වාර්තා වේ.
අදාළ විශ්වාසභංග යෝජනාව පසුගිය සිකුරාදා අත්සන් 112 ක් සහිතව බාරදුන් අතර, එය බහුතර ඡන්දයෙන් අනුමත වුවහොත් කැබිනට් මණ්ඩලය නිතැතින්ම විසුරුවා හැරේ.
කෙසේ වුවත් අදාළ විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ජනාධිපතිවරයා එතරම් කැමැත්තක් නොමැති බවද වාර්තා වේ.
ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් අද (08 දා) දින සවස 6.00 ට කැඳවා තිබේ. එය හුදෙක්ම 20 වැනි සංශෝධනය සාකච්ඡා කිරීමට පමණක් කැඳවනු ලැබූවක් බවද වාර්තා වේ.
එහිදී මන්ත්‍රී ආසන 255 ක් දක්වා වැඩි කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡා කරන අතර, ඊට කැබිනට් අනුමැතිය ලැබුණහොත් එය එදිනම ගැසට් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයද මන්ත්‍රී ආසන 230 දක්වා වැඩිකිරීමට එකඟතාව පළකර තිබිණි. කෙසේ වෙතත් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මන්ත්‍රී ආසන ගණන පිළිබඳව එකඟතාවකට පැමිණීම මත ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිවනු ඇත.