කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ආයෝජනයට පැමිණි ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලිය 200ක් අල්ලස් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය එම්.කේ. මහානාමගේ හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායකගේ වැඩ තහනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.
එසේම මේ පිළිබඳව වන පරීක්ෂණ පවත්වා නිතීය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද ජනපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.