(UPDATE) 23.58 PM
රුපියල් කෝටි 2ක් ඉන්දීය ව්‍යාපාරිකයෙක්ගෙන් අල්ලස් ලෙස ලබාගැනීමේදී අත්අඩංගුවට පත් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථා සභාපති ලබන 9දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
20.25 PM ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා දැව සංස්ථා සභාපති අත්අඩංගුවට
රුපියල් කෝටි 2ක අල්ලස් මුදලක් ලබා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි.කේ. මහානාම හා දැව සංස්ථා සභාපති පී දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ කොටස් මිලදී ගත් ඉන්දීය ව්‍යාපාරිකයෙක්ගෙන් මෙම අල්ලස් ලබාගැනීමේදී අද (03දා) සවස මෙම අත්අංඩගුවට ගෙන ඇත්තේ කොළඹ පිහිටි සුපිරි හෝටලයක වාහන අංගනයකදීය.
ඔවුන් මුලින්ම ඉන්දීය ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන 560ක් ඉල්ලා ඇති අතර පසුව එය රුපියල් මිලිය 200ක් දක්වා අඩුකර එයින් රුපියල් මිලියන 20ක් ලබාගැනීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ආචාර්ය මහානාහ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් වන වන අතර පී. දිසානායක හිටපු ජනපති චන්ද්‍රකා කුමාරතුංග මහත්මියගේ හිටපු ලේකම් වෙයි.