දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (06දා) සිදුවීමට නියමිතව තිබේ. මෙම හමුව ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවනු ඇත.
දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පවත්නා ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයක්ද අත්සන් කිරිමට නියමිතය.
ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට ඇෆ්ගනිස්තානයේ රැකියා ලබාදීම, අධ්‍යාපනය, ක්‍රීඩා සහ ශ්‍රී ලංකාවේදී ඇෆ්ගනිස්තානු හෙදියන් පුහුණු කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයක් ඒ අතර වෙයි. ඇෆ්ගන් ජනපතිවරයා හෙට (07දා) නැවතත් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.