ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩපිළිවෙළ පැසසුමකට ලක්කරමින් ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සැසිවාරයේදී පළමු දවසේ දීම සභාව ඇමතීමට ජනපතිට අවස්ථාව හිමිවුණ බව බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ පළමු දිනයේදී සභාව ඇමතීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් බවත්, බෙහෝ රටවලට එම අවස්ථාව හිමි නොවන බවත් අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙනයන යහපාලන ක්‍රමවේදය ජාත්‍යන්තරයේ පැසසුමකට ලක්ව තිබෙන බැවින් පක්ෂ භේදයකින් තොරව ලංකාවෙ සියලුදෙනා එම වැඩපිළිවෙළ පිළිගත යුතු බවත් ඔහු පැවැසීය.