ශ්රී ලංකාව හා ඉන්දියාව අතර කීර්තිනාමය පිළිබඳව සලකා දැනට ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් නිදහස් කරන ලෙස ජනපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇත.
ජනපතිවරයාගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙන්නේ ඉන්දීය ධීවරයන් අද (03දා) උදෑසන නිදහස් කරන ලෙසයි.
ශ්රී ලංකා මුහුදු සීමාවට බලෙන් ඇතුළු වූ මෙම ඉන්දීය ධීවර පිරිස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එසේ අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයින් පිරිස 29කි.