ජනපති ඉවත් කරන්න හූනියම් කරලලු
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනෙකුට හා පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට විනකරමින් සිදුකළ හූනියමක් සහිත තඹ පත්ත්‍රිකාවක් පදවිය - කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ පහළ උස්ගල්ල සොහොන් පිටියේ තිබී තරුණයන් දෙදෙනෙකුට හමුව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න ඒ මහතාගේ පුත්‍රයා වන තුසිත ගුණරත්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක, නීතිඥ අමිල දිසානායක හා රවීන්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත්‍රිකාවේ දක්නට ලැබිණි.
හූනියම සිදුකළ කට්ටඩියා විසින් තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නාමයන් ලියා එහි තිරස් අතට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබිණි.
සොහොන් පිටිය අසල නිවසක වැඩකරමින් සිටි තරුණයන් දෙදෙනෙකු අසල වූ සොහොන් කොතක් ආසන්නයේ පූජා භාණ්ඩ කිහිපයක් තිබෙන අයුරුදැක එම ස්ථානයේ විපරම් කරි බලද්දී සොහොන ආසන්නයේ සඟවා තිබූ අඟල් දෙකක් පළල අඟල් 10ක් දිගින් යුතු තඹ පැහැති පත්‍රිකාව හමුවී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

