ජනධිපති මෛත්රීපාල සිරිසේන මහතා 3/10 දින උදෑසන ඉන්දීය සහ ජපාන සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය. ජනපතිවරයා සමග 10 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මේ සඳහා එක්ව සිටිති. ඔවුහු ඉන්දීය ගුවන් සේවයේ A.I - 282 දරණ ගුවන් යානයෙන් උදෑසන 8.40 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියහ. ඉන්දීය සංචාරයෙන් පසුව මෙම පිරිස ජපාන සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිතය.
ජනපතිවරයා අද (10දා) හා හෙට (11දා) ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිත අතර පසුව 12 දා සිට 17 දා දක්වා ජපාන සංචාරයේ නිරත වීමට නියමිතය.