රාජ්‍ය නිලධාරීන්ගේ හා හමුදා සාමාජිකයන්ගේ ක්‍රියාකලාපය මාධ්‍ය ඉදිරියේ විවේචනය නොකරන්න යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරුන්ට දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.
ගංවතුරින් හා නායයාම්වලින් විපතට පත්වූ ජනතාව බේරා ගැනීම සහ ඔවුන්ට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් පොලිසිය හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විශාල වැඩකොටසක් ඉටුකරන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.
එබැවින් ඔවුන් පිළිබඳව මාධ්‍ය ඉදිරියේ විවේචනය නොකරන්නැයි ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන්ට එහිදී දැනුම් දී තිබේ.
අජන්ත කුමාර අගලකඩ (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)