සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියොජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඒකාබද්ධ විපක්ෂය විසින් අද (17දා) කොළඹදි පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්විය. ඔහුට අමතරව ආණ්ඩුවෙන් ඉවත්ව එක්බද්ධ විපක්ෂයට එක්වූ ප්‍රියන්කර ජයරත්න මන්ත්රීවරයාත් මෙම අවස්ථාවට එක්ව සිටියේය.
අරුන්දික ප්‍රනාන්දු මහතාට නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කළත් පසුව ඔහුට තවත් අමාත්‍යධුරයක් හිමිවෙනු ඇති බවට පසුගිය දිනවලදී සාකච්ඡාවට පත්විය. එසේම ඔහු අමාත්‍යධුරයෙන් ඉවත්කිරීමෙන් පසුව ජනපතිවරයා හමුවූ අතර පසුව ජනපතිවරයා සමග ඔරුගොඩවත්තේ පැවැති උත්සවයකටද එක්විය.