ගායන ශිල්පී නාමල් උඩුගම මහතාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ජනාධිපති අරමුදලෙන් ලබාදෙන බව පැවසූ රුපියල් 20,000 ක මුදල සති 2 ක් ගතවුවද තවම ලබාදී නොමැති බව ගායන ශිල්පී ප්‍රියනාත් රත්නායක මහතා පැවසීය.
ජනාධිපති අරමුදලෙන් යම් මුදලක් ලබාදෙන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී ඉතා ඉක්මනින් එය ලබාදෙන බවට බලධාරීන් පොරොන්දු වූ බවත්, මේ ආකාරයෙන් ප්‍රමාද කරන්නේ ඇයිද යන්න තේරුම් ගැනීමට අපහසු බවත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
එහෙත් රංගන ශිල්පී ප්‍රේමදාස විතානගේ මහතාට ප්‍රතිකාර කිරීමට රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා එය ලබාදීමට ප්‍රමාද නොකළ බවද ඔහු කීය.