ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අයවැය කාරක සභා විවාදයට එක්විය. ජතික ඒකාබද්ධතා, ජාතික ප්රතිසංධාන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ විවාදය පැවැත්වෙයි.
යුද්ධය නිසා බොහෝ දෙනෙක් රට අතහැර ගිය බවත් එය රටට අපකීර්තියක් බවත් ජනපතිවරයා පැවැසීය. දේශපාලඥයින්, රණවිරුවන්, ජනතාව කැපකිරීම් කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භෞතික වශයෙන් පරාජය කළ නමුත සැබෑ සාමයක් තවමත් ස්ථාපිත නොවුණ බවත් ඔහු පැවැසීය.
රට බෙදීම පිළිබඳ මතය පරාජය වූ දාට යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් බවත් ඔහු පැවැසීය.
රට බෙදන බවට සිංහල බෞද්ධ ජනතාවට, මහා සංඝරත්නයට හා විදෙස්වල සිටින ජනතාවට නව ව්‍යවස්ථාවෙන් රට බෙදන බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කරන බවත් ඔවුන් අනාගත බලය උදෙසා කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවැසීය.
ලබාදෙන විසදුමට සෑම කෙනෙකුමට එකගවිය යුතුබවත් ඔවුන්ට පිළිගත හැකි විය යුතු විසදුමක් විය යුතු බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින විට ජාතික ප්රශ්නය දිහා එක් ආකාරයකටත් බලයෙන් පිටව ගිය පසු නැවත බලය ලබා ගැනීම සඳහා තවත් ආකාරයකටත් බලන බවද ජනපතිවරයා ප්‍රකාශ කළේය.
එසේම එම ප්රශ්නය විසඳමට එක් මේසයකට ඇවිත් සාකච්ඡා කිරීමට ආරාධනා කරන බවත් ජනපතිවරයා පැවැසීය. 2004 වසරේදී සුනාමි සහන මණ්ඩල පනත තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට තමාව වටකරගෙන ඇතැම් පිරිස් 'හූ' කියූ බවත් ජනපතිවරයා සිය කතාවේදී මතක් කළේය.
උතුරේ ගැටලුව විසදීමට සිටින හොඳම නායකයා ආර්. සම්බන්ධන් මහතා බවද ජනපතිවරයා සඳහන් කළේය.