ඉදිරි ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවත් රට ඉදිරියට ගෙන යාහැකි එකම පුද්ගලයාද ඔහුම පමණක් බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
ඊයේ (24දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“ප්‍රධාන පක්ෂ දෙකේ ඉන්න නායකයන්ගෙන් ගෙඩිය පිටින් නොදුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි. එතුමාට හැම තිස්සෙම හමුවුණේ බෑය. දැන් ඉන්න නායකයෝ දිහා බැලුවාම ගෙඩිපිටින් ඉන්න නායකයෝ. දැන් වැඩ කළා ඇති. රාජපක්ෂලත් ඇති බණ්ඩාරනායකලත් ඇති.
දැනට ඉන්න රට ගෙනියන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයත් විතරයි. ජනාධිපති අපේක්ෂකමටත් සියලුම සුදුසුකම් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සුදුසු තවත් කෙනෙක් පේන තෙක් මානයක නෑ. එහි නායකත්වය තෝරන්න තව තල් තියෙනවා. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය අත්හැරියොත් තම හිතවත්කම පෙන්වා ගිනි මැනලයට පැන්නා වගේ වැඩක් තමයි වෙන්නේ. නායකයෝ තෝරා ගන්න බැරිව එක්සත් ජාතික පක්ෂය ගහ ගන්නවා.”