පොදු රාජ්ය මණ්ඩලීය රාජ්ය නායක සමුළුවට (CHOGM) එක්වීම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එළැඹෙන 16 දා එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. මෙම සංචාරයේදී ජනපතිවරයා එංගලන්ත අග්රාමාත්ය තෙරේසා මේ හා පොදු රාජ්ය මණ්ඩලීය මහ ලේකම් පැට්රිකා ස්කොට්ලන්ඩ් යන මහත්මීන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.